තාත්තා අම්මාට කල දේ ගැන පුංචි දුව කී සංවේදී කතාව

සිය බිරිය සතු දේපළ අත්පත් කර ගැනීම හා අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව විවාහ කර ගැනීමේ අරමුණ ඇතිව කොවිඩ් ආසාදිත සිය බිරියගේ හුස්ම හිරකර ඝාතනය කළ බව කියන බොරලැස්ගමුවේ ව්‍යාපාරිකයා මෙම මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොරෝනා රෝගී තත්ත්වයෙන් පෙළෙමින් නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි දෙදරු මවකි.

ඉහත සඳහන් කාන්තාව කොරෝනා රෝගය වැළඳී සිය නිවෙසේ් ප්‍රතිකාර ලබමින් ඇඳ මත වැතිර සිටින අතරතුර ඉකුත් 15 වැනිදා රාත්‍රි 10ට පමණ සැකකාර ව්‍යාපාරිකයා එහි තිබූ කොට්ටයක් ගෙන ඇගේ මුඛය හා නාසය වැසීමට සලසා හුස්ම හිරකර එසේ ඝාතනය කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සිය සහෝදරියගේ මියයෑම සැක සහිත බවට ඇගේ සහෝදරයකු විසින් බොරලැස්ගමුව පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ඇයව ඝාතනය කර ඇති බව කරුණු අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට සඳහන් කළා.

සිය බිරිය ඝාතනය කිරීමට පෙර සැකකාර ව්‍යාපාරිකයා ඇගේ අවසන් කටයුතු කිරීම සඳහා එම ප්‍රදේශයේ මල් ශාලාවකට මුදල් පවා ගෙවා ඇති බවට කරුණු අනාවරණය කරගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එම ස්ථානීය සාක්ෂි ලබාගන්නට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ මෙම යුවළගේ 6 හැවිරිදි සිඟිති දියණිය හා 13 හැවිරිදි පුතු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සාක්ෂි සපයා තිබුනේ මෙසේය.

දුව – ‘එදා අපි ෆිල්ම් බලන්න ගියා. ෆිල්ම් බලන්න ඉස්සෙල්ලා මං අම්මිත් එක්ක කාමරේදී කථා කරා..එතකොට එයා කථා කරා..ඊට පස්සෙ තාත්ති දෙපාරක් ආවා.. බාත්රූම් යන්නයි.. වතුර උණුකරන්නයි..ඊට පස්සෙ එයාගෙ ඔලුවෙ මෙන්න මෙතන පැල්ලමක් තිබ්බා. එයාගෙ මෙතන ටිකක් හීරිලත් තිබ්බා.‘

පුතා ‘ඊට පස්සෙ අම්මගෙන් තේබොන්නත් අහන්න හැදුවා.. අම්මා නැගිට්ටෙ නැහැ.‘

පොලිසිය – ‘අම්මගෙ කොට්ටෙ කෝ?‘

දුව ‘එයා නිදාගෙන හිටපු කොට්ටෙ කාමරේ..‘

පොලිසිය- -‘එතකොට කොට්ට උරේ?‘

දුව -‘ආ ඒ කොට්ට උරේ මං දැක්කා තාත්ති කුස්සිය පැත්තට අරන් යනවා‘

පොලිසිය -‘ඒකෙ මොනව හරි තිබ්බද?‘

දුව -‘ඔව් ලේ තිබ්බා… ගොඩාක්ම තිබ්බෙ නෑ.. චුට්ටයි තිබ්බෙ..’

පොලිසිය – ‘පුතා ඔයා දැක්කෙ නැද්ද ඒක?‘

පුතා-‘මං දැක්කෙ නිකං ඇඳේ ලේපාරක් තියනව කියලා..‘

දුව -‘ඔව් මමත් දැක්කා…‘

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකාර ව්‍යාපාරිකයා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
කොරෝනා ආසාදිත බිරිය ඝාතනය කළ ව්‍යාපාරිකයා අවසානයේ මාට්ටු වෙයි

ස්වර්ණවාහිනී වීඩියෝ වාර්තා කොටස පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38