ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැන යකා නැටූ දෙදෙනෙක් අල්ලයි

ඔලබොඩුව, පින්නකොළවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට හා යාබද නිවසකට කඩා වැදී දේපල රැසකට අලාභානි කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පහර දීමට යොදා ගත් කඩුවක් සහ අඩියක් පමණ දිගති කිණිස්සක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා තියුණු ආයුධ රැගෙන පැමිණ නිවැසියන්ට තර්ජනය කරමින් නිවස ඉදිරිපිට සවිකර තිබෙන CCTV කැමරාවලට සහ තවත් දේපළ රැසකට පහරදී අලාභානි සිදු කර තිබෙනවා.

මීට කලකට ඉහත දී ව්‍යාපාරිකයා සහ එම නිවැසියන් සමග පැවති ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සිදු කළ පහර දීමෙන් නිවස ඉදිරිපිට සවිකර තිබූ ආරක්ෂිත කැමරාවලට, දොර ජනේලවලට හාන්සි පුටුවකට හා යාබද නිවසේ ගේට්ටුවකට සහ ජනෙල්වලට ද බරපතළ හානි සිදු වී තිබෙනවා.

සැකකරුවන් එම නිවස දෙකට තියුණු ආයුධවලින් පහර දෙන ආකාරය නිවසෙහි සවිකර තිබෙන CCTV කැමරාවක ද සටහන්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔලබොඩුව ප්‍රදේශයේම පදිංචි අවුරුදු 26 සහ 43 වයස්වල පසුවන දෙදෙනෙකු බව සඳහන්.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22