ව්‍යාජ හැදුණුම්පත් සහ ලියකියවිලි සකසා වාහන අලෙවි කල පුද්ගලයකු පොලිස් අතට මාට්ටු

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කල වැටලීමකදී රථ වාහන ලියකියවිලි සහ ව්‍යාජ හැදුණුම්පත් සකස් කර රථ වාහන අලෙවි කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විවිධ ප්‍රදේශවල ඇති වාහන කුලී පදනම මත ලබාගෙන එම රථ වාහන වලට ව්‍යාජ ලියකියවිලි සකසා වෙනත් පුද්ගලයන් හට අලෙවි කර ඇත.

එලෙස අලෙවි කරන ලද ත්‍රීරෝද රථයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී හැදුණුම්පත් දෙකක් සහ රියදුරු බලපත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17