AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ වීසා බලපත්‍රයකින් කැනඩාවට යන්න හැදූ කරණවෑමියා අත්අඩංගුවට

වංචනික ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඩුබායි හරහා කැනඩාවට පළා යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවස්ථා කිහිපයකදී විදේශගත වී ඇති පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කරණවෑමියෙක් ලෙසට කටයුතු කරන 32 හැවිරිදි අයෙක්.

ඔහු ඊයේ (23) සවස 06.25ට ඩුබායි බලා පිටත්ව යාම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටි මොහු ඉදිරිපත් කළ කැනඩා වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් මෙම පුද්ගලයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවලදී මෙම වීසා බලපත්‍රය වංචනික ලෙස සකස් කළ එකක් බවට සනාථ වීමත් සමගම ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආගමන විගමන නිලධාරීන් විසින් සිදු කර ඇතැයි සඳහන්.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 45ක් තැරැව්කරුවෙකු වෙත ලබා දී සකස් කර ගත් එකක් බවටයි.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලයේ ගුවන් තොටුපොළ සම්බන්ධීකරණ නිලධාරීවරයා ද එම ස්ථානයේ සිටි අතර ඔහු විසින් ද මෙම වීසා බලපත්‍රය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙය වංචනිකව සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍රයක් බව සනාථ කර තිබෙනවා .

ඉන්පසුව සැකකරු ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
3
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?