ව්‍යාජ වීසා බලපත්‍රයකින් කැනඩාවට යන්න හැදූ කරණවෑමියා අත්අඩංගුවට

වංචනික ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඩුබායි හරහා කැනඩාවට පළා යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවස්ථා කිහිපයකදී විදේශගත වී ඇති පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කරණවෑමියෙක් ලෙසට කටයුතු කරන 32 හැවිරිදි අයෙක්.

ඔහු ඊයේ (23) සවස 06.25ට ඩුබායි බලා පිටත්ව යාම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත පැමිණ සිටි මොහු ඉදිරිපත් කළ කැනඩා වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් මෙම පුද්ගලයා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි සියල්ල ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවලදී මෙම වීසා බලපත්‍රය වංචනික ලෙස සකස් කළ එකක් බවට සනාථ වීමත් සමගම ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආගමන විගමන නිලධාරීන් විසින් සිදු කර ඇතැයි සඳහන්.

එහිදී අනාවරණ වී ඇත්තේ මෙම වීසා බලපත්‍රය රුපියල් ලක්ෂ 45ක් තැරැව්කරුවෙකු වෙත ලබා දී සකස් කර ගත් එකක් බවටයි.

එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලයේ ගුවන් තොටුපොළ සම්බන්ධීකරණ නිලධාරීවරයා ද එම ස්ථානයේ සිටි අතර ඔහු විසින් ද මෙම වීසා බලපත්‍රය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙය වංචනිකව සකස් කළ ව්‍යාජ වීසා බලපත්‍රයක් බව සනාථ කර තිබෙනවා .

ඉන්පසුව සැකකරු ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26