පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළඳ ව්‍යාපාර හිමියන්ට වංචනික ලෙස දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි ලැබී තිබෙන බව එහි සභාපතිවරයා පවසනවා.
එලෙස දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් පසු අදාළ ව්‍යාපාරවලින් යම් වැරදි සිදු වී ඇති බව පවසමින් ඒ පිළිබද නීතිමය කටයුතු නොකිරීමට නම් තමන්ගේ පුද්ගලික බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීමට කටයුතු කරන ලෙස පවසා තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙවැනි පැමිණිලි ලැබී තිබෙන බැවින් එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසත් එලෙස ඇමතුමක් ලැබුවහොත් 1977 කෙටි දුරකථන අංකයට හෝ 0771088922 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.















