ව්‍යාජ දුරකථන ඇමතුම් වලින් පරිස්සම් වෙන්න – පාරිභෝගික අධිකාරිය වෙළඳුන්ගෙන් ඉල්ලයි

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළඳ ව්‍යාපාර හිමියන්ට වංචනික ලෙස දුරකථන ඇමතුම් ලබාදීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය වෙත පැමිණිලි ලැබී තිබෙන බව එහි සභාපතිවරයා පවසනවා.

එලෙස දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් පසු අදාළ ව්‍යාපාරවලින් යම් වැරදි සිදු වී ඇති බව පවසමින් ඒ පිළිබද නීතිමය කටයුතු නොකිරීමට නම් තමන්ගේ පුද්ගලික බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීමට කටයුතු කරන ලෙස පවසා තිබෙනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙවැනි පැමිණිලි ලැබී තිබෙන බැවින් එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙසත් එලෙස ඇමතුමක් ලැබුවහොත් 1977 කෙටි දුරකථන අංකයට හෝ 0771088922 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරිය වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57