වළ දමා තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් ඇල්පිටියෙන් සොයාගැනේ

ඇල්පිටිය, දිවිතුර ප්‍රදේශයේ වත්තක වළ දමා තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් අද (07) දහවල් ඇල්පිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ වනවිටත් එම සිරුර ගොඩගනිමින් පවතින බවයි ඇල්පිටිය පොලිසිය සඳහන් කළේ.

පසුගිය 05 වනදා සිට එම ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර, පොලිසිය සැකපළ කරන්නේ මෙලෙස හමු වූ මළ සිරුර එම තරුණයාගේ විය හැකි බවටයි.

මෙලෙස සොයාගත් තරුණයාගේ මළ සිරුර, ඝාතනය සිදුකිරීමෙන් පසු වළ දමන්නට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?