වසර 28කට පසු ඕස්ට්‍රේලියාව තුළ ටෙස්ට් තරගාවලියක් නොමිලේ පෙන්වන්න සැරසෙයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය හැර 1997 වසරෙන් පසු ඕස්ට්‍රේලියාව තුළ නොමිලේ විකාශය කරන පළමු ටෙස්ට් තරගාවලිය බවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් තරග දෙක පත්ව තිබෙනවා.

ඒ, අනුව එළඹෙන 29 වනදා ගාල්ලේ දී ආරම්භවන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියාව තුළ නොමිලේ විකාශය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලියේ ඕස්ට්‍රේලියාව තුළ විකාශක අයිතිය ලබා ගැනීමට The Seven Network රූපවාහිනී ජාලය පසුගිය දා කටයුතු කර තිබුණා.

ඒ, මෙම තරගාවලිය විකාශය සඳහා වෙනත් කිසිඳු රූපවාහිනී ආයතනයක් උනන්දුවන් නොදැක් වූ පසුබිමකයි.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට මෙම තරගාවලිය රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව පැවතුනේ අවිනිශ්චිත තත්ත්වයකයි.

කෙසේ වෙතත් The Seven Network රූපවාහිනී ජාලය මෙම තරගාවලියේ දේශීය විකාශ අයිතිය ලබා ගැනීමට කටයුතු කිරීමත් සමඟ ඔවුන්ගේ නොමිලේ විකාශය කරන නාලිකාව හරහාත් 7plus යෙදුම හරහාත් එය නොමිලේ නැරඹීමට ඕස්ට්‍රේලියානුවන්ට මේ වනවිට හිමිව තිබෙනවා.

මීට වසර 28කට පෙර එනම් 1997 වසරේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරය ඕස්ට්‍රේලියාව තුළ නොමිලේ රූපවාහිනියේ විකාශය කර තිබෙනවා.

ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී වන අළු බඳුන තරගාවලි හැරෙන්නට ඕස්ට්‍රේලියාව විදෙස් රටක දී සහභාගී වූ වෙනත් කිසිඳු ටෙස්ට් තරගාවලියක් ඕස්ට්‍රේලියාව තුළ නොමිලේ විකාශය කර තිබුණේ නැහැ.

මේ අතර ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ආරම්භ වන අතර, දෙවන සහ අවසන් ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57