ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි හි 38 හැවිරිදි කාන්තාවක් සිය ස්වාමිපුරුෂයාව ඝාතනය කර දින ගණනාවක් සඟවා තබා තිබෙනවා.
ඇය තම සැමියා පිළිබඳ ව ගම්මුන් තොරතුරු විමසන විට දී පවසා ඇත්තේ ස්වාමි පුරුෂයා රැකියාවක් සඳහා කේරළයට ගොස් ඇති බවයි.
මෙම කාන්තාව හා මරණකරු විවාහ වී වසර 15ක් ගත වන බවත්, ඔවුන්ට දාව දරුවන් දෙදෙනකු සිටින බවත් ප්‍රාන්ත පොලිසිය පවසනවා.
කෙසේ නමුත් දෙදෙනා අතර නිතර රණ්ඩු සරුවල් සිදු ව ඇති බවයි පැවසෙන්නේ.
කාන්තාව විසින් ස්වාමියාව ඝාතනය කර නිවසේ කැළිකසළ බැහැර කරන විශාල වළක අඩි 05කටත් වඩා ගැඹුරකින් සිරුර භූමදානය කර තිබෙනවා.
ඇගේ සැමියා වන සබියල් රෙහ්මාන් 40 හැවිරිදි අයෙක්.
මෙම ඝාතනය සිදු ව ඇත්තේ ජුනි මස 26 වැනි දින ගුවහාටි හි පණ්ඩු ප්‍රදේශයේ ජොයිමති නගර් හි දී යි.
කෙසේවෙතත් ගම්මුන් සැකකාරිණියගෙ හැසිරීම ගැන සැක සිතී පොලිසියට දන්වා තිබෙනවා.
පසුව සිදු කළ විමර්ශනවල දීයි මෙම අපරාධය හෙළි ව ඇත්තේ.





