වසර 15ක විවාහය අඩි 05කට වැඩි වළක සැඟවුණු හැටි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි හි 38 හැවිරිදි කාන්තාවක් සිය ස්වාමිපුරුෂයාව ඝාතනය කර දින ගණනාවක් සඟවා තබා තිබෙනවා.

ඇය තම සැමියා පිළිබඳ ව ගම්මුන් තොරතුරු විමසන විට දී පවසා ඇත්තේ ස්වාමි පුරුෂයා රැකියාවක් සඳහා කේරළයට ගොස් ඇති බවයි.

මෙම කාන්තාව හා මරණකරු විවාහ වී වසර 15ක් ගත වන බවත්, ඔවුන්ට දාව දරුවන් දෙදෙනකු සිටින බවත් ප්‍රාන්ත පොලිසිය පවසනවා.

කෙසේ නමුත් දෙදෙනා අතර නිතර රණ්ඩු සරුවල් සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

කාන්තාව විසින් ස්වාමියාව ඝාතනය කර නිවසේ කැළිකසළ බැහැර කරන විශාල වළක අඩි 05කටත් වඩා ගැඹුරකින් සිරුර භූමදානය කර තිබෙනවා.

ඇගේ සැමියා වන සබියල් රෙහ්මාන් 40 හැවිරිදි අයෙක්.

මෙම ඝාතනය සිදු ව ඇත්තේ ජුනි මස 26 වැනි දින ගුවහාටි හි පණ්ඩු ප්‍රදේශයේ ජොයිමති නගර් හි දී යි.

කෙසේවෙතත් ගම්මුන් සැකකාරිණියගෙ හැසිරීම ගැන සැක සිතී පොලිසියට දන්වා තිබෙනවා.

පසුව සිදු කළ විමර්ශනවල දීයි මෙම අපරාධය හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
12
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07