වසර දෙකක් තිස්සේ ක්‍රසිමස් දූපතේ රැදවුම් කදවුරක සිටින ලාංකික දැරිය අසනීපෙන්

ඔස්ට්‍රේලියාවේ සරණාගත තත්ත්වය ප්‍රතික්ෂේප වීමෙන් පසුව ක්‍රිස්මස් දූපතේ රැදවුම් කදවුරක සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුලක තුන් හැවිරිදි දැරිවියක් හදිසියේ අසනීප වීමෙන් ඔවුන්ව රඳවා සිටි දූපතේ සිට පර්ත් නුවර රෝහලකට රැගෙන යෑමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර ඇතැයි එරට පුවත් වාර්තා කර තිබෙනවා.

එම ලාංකික දැරිය “රුධිර ආසාදන” තත්ත්වයක් හේතුවෙන් දින 10කට ආසන්න කාලය තද උණ සහිතව ක්‍රිස්මස් දූපතේ නිසි ප්‍රතිකාර නොමැතිව සිටීමෙන් තදබල ලෙස අසනීප වීමත් සමගම ඔස්ට්‍රේලියා බලධාරීන් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ වනවිට හෙළිවී ඇත්තේ තර්නිකා මුරුගප්පන් නම් එම තුන් හැවිරිදි දැරිවිය ඉකුත් මැයි 25 වනදා සිට වමනය, පාචනය සහ අධික උණ තත්ත්වය මත පීඩා විඳිමින් සිටි බවත් සඳහන්.

අසනීප තත්ත්වයෙන් සිටිය ද ක්‍රිස්මස් දූපතේ පිහිටා ඇති රැඳවුම් කඳවුරේ මධ්‍යස්ථානයේ සේවකයින් එම දැරිවිය රෝහල්ගත කිරීම ප්‍රතික්ෂේප කර තිබු බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

පසුව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම හේතුවෙන් ඇයව පර්ත් නගරයේ පිහිටි රෝහලක් වෙත ගුවනින් ගෙන යෑමට ඔස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කර තිබෙනවා.

මේ අතර එරට ස්වදේශ කටයුතු අමාත්‍ය කේරන් ඇන්ඩෘස් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකිාශයක් නිකුත් කරමින් පැවසුවේ දැනට ක්‍රිස්මස් දූපතේ රඳවා සිටින මුරුගප්පන් පවුලේ සාමාජිකයින්ට ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට අවස්ථාව ලබාදිය හැකිදැයි සොයාබලමින් සිටින බවයි.

නමුත් එය සංකීර්ණ කටයුත්තක් බව ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍යවරිය පවසා සිටිනවා.

මෙම තුන් හැවිරිද් ගේ දෙමාපියන් වන නඩේස් මුරුගප්පන් සහ ප්‍රියා මුරුගප්පන් සරණාගතයින් ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් තිබූ ඔවුන් එරට පදිංචිවීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව තර්නිකා සහ ඇයගේ මව, පියා සහ සොහොයුරිය බලධාරීන් විසින් ක්‍රිස්මස් දූපතේ ඇති රැඳවුම් මධ්‍යස්ථානයක රදවා තිබෙනවා. ඔවුන් එම ස්ථානයේ රඳවා සිටින්නේ 2019 වසරේ සිටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නැවට ප්‍ර#ර එල්ල කළේ තමන් යැයි අමෙරිකාව කියයි..අමෙරිකා ආරක්ෂක ලේකම් සියල්ල හෙළිකරයි
01:52
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03