spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත සහ සිරිධම්ම හිමිට ඇප

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට අධිකරණය අද (06) තීරණය කර තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනා අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රඳවාගෙන සිටි අතර පසුව අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කෙසේ වෙතත් ඇප මත නිදහස් කෙරුණු වසන්ත මුදලිගේ තව දුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා රඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
53
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?