වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඇතුලු 56 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුලු වීමේ චෝදනා මතයි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30 නමක් ඇතුළු 56කට ආසන්න පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

හෝමාගම, පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන ලෙස බලකරමින් එම පිරිස අද විරෝධතාවක නිරත වී අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී තිබුණා.

ඊයේ (22) පැවති සත්‍යග්‍රහය විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පියවර ගන්නා ලෙස ද විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පළමු වසරේ සිසුන් සඳහා පමණක් විවෘත කරන බව එහි උපකුලපති මහාචාර්ය පුජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් ප්‍රකාශ කිරීමත් සමඟයි මෙලෙස විරෝධතා ආරම්භ වී ඇත්තේ.

නෙළුවේ සුමනවංශ හිමියන් පැවසුවේ 27 වන දින පළමු වසර සිසුන් සඳහා පමණක් විශ්ව විද්‍යාලය විවෘත කරන බවයි.

සියලුම සිසුන් සඳහා එකවර විශ්වවිද්‍යාලය විවෘත කිරීමට නොහැකි වූ බවත්, පියවරෙන් පියවර විශ්වවිද්‍යාලය විවෘත කිරීමට පරිපාලන මණ්ඩලය උපදෙස් දී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?