වසංගතය මැද ආගමික වතාවත් සිදුකිරීමට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පියවර ගෙන තිබෙනවා.

සියලුම ආගමික සිද්ධස්ථානවල බෞද්ධ ආගමිකයන්ට පොහෝය දිනයන් සහ බෝධි පූජා සඳහාත්, මුස්ලිම් සහ හින්දු භක්තිකයන්ට සිකුරාදා දිනයත්, කතෝලික බැතිමතුන්ට ඉරිදා දිනයත් උපරිමය පුද්ගලයින් 50 කට යටත්ව පූජාවන් සඳහා සහභාගිවීමට අවසර හිමිව තිබෙනවා.

මේ තත්ත්වය පවත්වාගෙන යන්නට එම ස්ථාන භාරව හිමිවරු සහ පූජකවරුන් කටයුතු කළ යුතු අතර සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත භාවිත කිරීමට පහසුකම් තිබිය යුතු බව එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

බැතිමතුන් අතර මිටරයක අවම දුරක් පවත්වාගෙන යෑම සිදුකළ යුතු අතර, පුජ්‍ය පක්ෂය මෙන්ම බැතිමතුන් පිරිසිදු මුව ආවරණයක් පැළද සිටීම අනිවාර්ය කොට ඇත.

වැළඳ ගැනීම්, අතට අත දීම ඇතුළු ශරීර ස්පර්ශවන ආකාරයේ සියලුම ක්‍රියාවන් තහනම් කොට ඇත. මුව ආවරණ නොපැලද මුහුණු ආවරණ (Face Shield) පමණක් පැළද පැමිණෙන කිසිවෙකුට ආගමික ස්ථාන වලට ඇතුළුවීමට ඉඩ නොතැබිය යුතුය.

ආගමික ස්ථානයට ඇතුළුවන සියලුම දෙනා අත් පිරිසිදු කර ගැනීම අනිවාර්ය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15