වව්නියාව මහ රෝහලට නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකයක්

නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) විවෘත කෙරුණා.

යහපාලන රජය යටතේ 2019 වසරේ දී එවකට අග්‍රාමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වුණා.

මෙම නව තෙමහල් ගොඩනැඟිල්ල හෘද රෝග ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය (Cath Lab), හෘද උරස් ශල්‍යාගාරය (Cardiothoracic theatre), හෘද දැඩි සත්කාර ඒකකය (Cardiac ICU), එකෝ කාඩියෝග්‍රැෆි (Echo Cardiography), ව්‍යායාම විද්‍යුත් කන්තුක රේඛන (Exercise ECG), ජංගම රුධිර පීඩන අධීක්ෂණ ඒකකය (Ambulatory BP monitoring), ජංගම විද්‍යුත් කන්තුක රේඛන (Ambulatory ECG monitoring) අධීක්ෂණ ඒකකය ආදී නවීන පහසුකම්වලින් සම්නවිතයි.

වකුගඩු රෝග ඒකකය සඳහා රුධිර කාන්දුපෙරණ ඒකකය, ස්කෑන් කාමරය සහ වකුගඩු රෝගීන් සඳහා විශේෂ පහසුකම් කාමරය සහ ශල්‍ය ඒකකය ආදී පහසුකම් ඇතුළත් වනවා.

සමරු ඵලකය නිරාවරණය කර හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ඇතුළත් නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් නෙදර්ලන්ත රජයේ සහයෝගය යටතේ ලැබී ඇති මෙම සෞඛ්‍ය පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට රජය කටයුතු කරන බවයි.

මේ වන විට නවීන සහ දියුණු රෝහල් පද්ධතියක් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා A9 මාර්ගයේ ශක්තිමත් වූ මෙම නවීන රෝහල් පද්ධතිය මෙරට වෛද්‍ය සංචාරක ව්‍යාපාරයට ද මහඟු රැකුලක් බව සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මෙම ඒකකය විවෘත කිරීමත් සමඟ උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව තවදුරටත් දියුණු වෙනවා. එසේම මන්නාරම දිස්ත්‍රික් රෝහල ප්‍රතිසංස්කරණය කර සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව ද කිවයුතුයි.එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම විදේශ සම්පත් විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙම වෛද්‍ය ඒකකය ඉදිකිරීම සඳහා නෙදර්ලන්ත රජය සමඟ එකගතාවකට එළැඹීමට මා කටයුතු කළා. අද එය විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටු වෙනවා. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලුදෙනාට මා ස්තූතිවන්ත වෙනවා. එසේම මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කර ගැනීමට කැපවූ නෙදර්ලන්ත රජයට ස්තූතිවන්ත විය යුතුයි. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට නෙදර්ලන්ත රජය පුළුල් දායකත්වයක් ලබා දි තිබෙනවා.
මේ වනවිට ‍යාපනය රෝහල සමඟ පේදුරුතුඩුව රෝහලත් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා. A9 මාර්ගය යනු ශ්‍රී ලංකාවේ කොඳු ඇට පෙළයි. එම මාර්ගය ඔස්සේ වව්නියාව, මාන්කුලම සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල නවීන රෝහල් තුනක් ඉදි කර තිබෙනවා. කරාපිටිය රෝහල ජාතික රෝහලක් බවට පත් කිරීමෙන් පසුව යාපනය රෝහල ද ජාතික රෝහලක් බවට පත් කිරීමට අප තීරණය කළා.ඒ වගේම A9 මාර්ගයේ අනෙක් කෙළවරේ අනුරාධපුර ශික්ෂණ රෝහල තිබෙනවා. ඒ වගේම ව‍ව්නියාව රෝහල සංවර්ධනය කර ශික්ෂණ රෝහලක් බවට පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා මාගෙන් ඉල්ලා සිටියා. අනුරාධපුර සහ යාපනය අතර පවතින්නේ කිලෝමීටර 65ක දුර ප්‍රමාණයක් පමණයි .ඒ අනුව ඉතා ශක්තිමත් රෝහල් පද්ධතියක් අද මෙම පළාතට ලැබී තිබෙනවා. එය කොළඹින් පිට වෙනත් පළාතක දැකීමට නොහැකි තත්ත්වයක් බව කිව යුතුයි.
උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති මෙම සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි. කොළඹ නගරයට අමතරව සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුර සිට යාපනය දක්වා දිවෙන A9 මාර්ගයත් පත්ව තිබෙනවා. ඒ වගේම මේ හරහා වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සඳහා ද බොහෝ අවස්ථාවන් පවතිනවා. එසේම මෙරට ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් මෙය වැදගත් ව්‍යාපෘතියක් වනු ඇතියි. අප මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. ඒවගේම මේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නෙදර්ලන්ත රජය අපට ඉදිරියේදීත් උපකාර කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22