‘වලස් කටා’ පළායන්න හැදූ තැත වරදියි – තුවාල ලබා ජාතික රෝහලේ

සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයා වන තිලිණ සම්පත් නොහොත් ‘වලස් කටා’ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයෙන් පළායාමට තැත්කිරීමේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර එහි 72 වන වාට්ටුවේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

ඊයේ (09) රාත්‍රියේ ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ ගොඩනැගිල්ලෙන් පැන මෙලෙස පළායෑමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

‘වලස් කටා’ සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී පසුගිය දා අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේ දී මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක්ද පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

අනතුරුව ඔහු දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ලබා ගත්තා.

ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ‘වලස් කටා’ 36 හැවිරිදි වියේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
19
+1
2
+1
1
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59
Video thumbnail
ආණ්ඩුවේ වැඩ නිසා රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..අපි හදපු දරුවව පෝෂණය කරගන්න ආණ්ඩුවට බෑ
11:23
Video thumbnail
ආණ්ඩුවේ නිරුවත හෙළිදරව් වෙනවා
04:36
Video thumbnail
සෙනඟත් එක්ක ආ නාමල්ට සහ ශිරන්තිට කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..දේශපාලන සංදර්ශන අවශ්‍ය වෙන්නේ නෑ
04:53
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56


?