වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් සඳහා සිකුරාදා දිනවලදී විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
රටතුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. එළඹෙන 08 වන සිකුරාදා දින සිට වෙළෙඳ හා නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් සඳහා වසා තැබෙන අතර සඳුදා, අඟහරුවාදාම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සාමාන්‍ය පරිදි එම කාර්යාලයේ සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි













