AFC Banner
AFC Banner
Empty Ad

වරායේ මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

නියමිත බදු නොගෙවීම හේතුවෙන් හම්බන්තොට වරාය භාරයේ තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ අඩු මුදලට ලබාදෙන බව පවසා පුද්ගලයන් තුන් දෙනකුගෙන් රුපියල් ලක්ෂ 62කට අධික මුදලක් වංචා කළ ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ඉංජිනේරුවරයකු රුපියල් ලක්ෂ 39ක මුදලක් ද, මාලිගාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 13ක මුදලක් සහ බම්බලපිටිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු රුපියල් ලක්ෂ 10ක මුදලක් ද සැකකරු වෙත ලබා ලබාදී ඇති බවටයි ඔවුන්ගෙන් ලැබුණු පැමිණිලිවලින් අනාවරණ වී ඇත්තේ.

එම පැමිණිලිකරුවන්ට ටොයෝටා ඇක්සියෝ වර්ගයේ මෝටර් රථ තුනක් සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් ලබා දෙන බව පවසා මුදල් වංචා කර ඇති බව සඳහන්.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සැකකරුට කරන ලද දැනුම්දීමක් අනුව නීතීඥවරයෙකු මාර්ගයෙන් වංචා විමර්ශන අංශය වෙත පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුට විරුද්ධව මෙවැනි වංචා කිහිපයක් සම්බන්ධයෙන් වෙනත් පොලිස් ස්ථානවලට ද පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

34 හැවිරිදි සැකකරු තලවතුගොඩ හෝකන්දර පාර ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන අතර පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින බව සඳහන්.

සැකකරු අලුත්කඩේ අංක හය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?