වරායේ මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

නියමිත බදු නොගෙවීම හේතුවෙන් හම්බන්තොට වරාය භාරයේ තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ අඩු මුදලට ලබාදෙන බව පවසා පුද්ගලයන් තුන් දෙනකුගෙන් රුපියල් ලක්ෂ 62කට අධික මුදලක් වංචා කළ ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ද නිකුත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ඉංජිනේරුවරයකු රුපියල් ලක්ෂ 39ක මුදලක් ද, මාලිගාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ 13ක මුදලක් සහ බම්බලපිටිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු රුපියල් ලක්ෂ 10ක මුදලක් ද සැකකරු වෙත ලබා ලබාදී ඇති බවටයි ඔවුන්ගෙන් ලැබුණු පැමිණිලිවලින් අනාවරණ වී ඇත්තේ.

එම පැමිණිලිකරුවන්ට ටොයෝටා ඇක්සියෝ වර්ගයේ මෝටර් රථ තුනක් සහ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් ලබා දෙන බව පවසා මුදල් වංචා කර ඇති බව සඳහන්.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සැකකරුට කරන ලද දැනුම්දීමක් අනුව නීතීඥවරයෙකු මාර්ගයෙන් වංචා විමර්ශන අංශය වෙත පැමිණීමෙන් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුට විරුද්ධව මෙවැනි වංචා කිහිපයක් සම්බන්ධයෙන් වෙනත් පොලිස් ස්ථානවලට ද පැමිණිලි ලැබී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

34 හැවිරිදි සැකකරු තලවතුගොඩ හෝකන්දර පාර ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන අතර පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින බව සඳහන්.

සැකකරු අලුත්කඩේ අංක හය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21