වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට බංගලීන් කඩුලු 04ක් බිඳ වැටී හොඳ ස්ථාවරයක

අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ තරගය තාවකාලිකව නතර කෙරුණා.

අද (18) දහවල් දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කර පැයකට පමණ පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමටයි තීරණය කෙරුණේ.

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට පළමු ඉනිම පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 432ක් ලබා ස්ථාවර මට්ටමක පසුවනවා.

එහිදී අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලකුණු 148ක් ලබා සිටි නායක ෂැන්ටෝ යි.

මේ වනවිට මුෂ්ෆිකර් රහීම් ද නොදැවී ලකුණු 159ක් ලබා සිටින අතර ලිට්න් ඩාස් නොදැවුණු ලකුණු 61ක් ලබා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?