වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට බංගලීන් කඩුලු 04ක් බිඳ වැටී හොඳ ස්ථාවරයක

අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ තරගය තාවකාලිකව නතර කෙරුණා.

අද (18) දහවල් දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කර පැයකට පමණ පසු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමටයි තීරණය කෙරුණේ.

තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට පළමු ඉනිම පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 432ක් ලබා ස්ථාවර මට්ටමක පසුවනවා.

එහිදී අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලකුණු 148ක් ලබා සිටි නායක ෂැන්ටෝ යි.

මේ වනවිට මුෂ්ෆිකර් රහීම් ද නොදැවී ලකුණු 159ක් ලබා සිටින අතර ලිට්න් ඩාස් නොදැවුණු ලකුණු 61ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29