AFC Banner
Empty Ad
Empty Ad

වර්ෂාව හේතුවෙන් ඇරඹුම ප්‍රමාද වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඇරඹෙයි

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය මේ වනවිට (22) ආරම්භ වී තිබෙනවා.

අද තරගය ආරම්භ වීම ප්‍රමාද වූ අතර; වර්ෂාව ඊට හේතුවක් වුණා.

ඒ අනුව තරග සංවිධායකවරුන් තීරණය කළේ දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කිරීමටයි.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර තරගය මැන්චෙස්ටර් නුවර දී ආරම්භ වුණා.

සිය පළමු ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 28ක් ලබා සිටිනවා.

ආරම්භක කඩුල්ලේ රැඳී සිටින්නේ ඩකට් සමගින් ලෝරන්ස්.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 236ක් ලබාගත්තා.

ඒ අනුව එංගලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 208ක් පසුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?