වර්ෂාව සහ ගං වතුරින් පසු රෝග කිහිපයක් ව්‍යාප්තවීමේ අවදානමක් (වීඩියෝ)

පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතනය නිසා ඇති වූ ජලගැලීම් හේතුවෙන් රෝග කිහිපයක් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

වෛද්‍යවරයා පවසන්නේ විශේෂයෙන් පාචනය, අතීසාරය, උණ සන්නිපාතයවැනි රෝග තත්ත්වයන් මෙලෙස ව්‍යාප්තවීමේ අවදානම ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා,

“පාචන තත්ත්වයන් ගත් විට ඊට හේතුව වෙන්නේ වර්ෂාපතනය සමඟ පිරිසිදු ආහාර පිරිසුදු ජලය නොලැබීම, මැස්සන්ගේ වර්ධනයක් වෙන්න පුළුවන් වැසිකිළි පහසුකම් නැති වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ විදිහට උණ, වමනය බඩඑළිය යෑම, බඩ රිදිල්ල වගේ රෝග ලක්ෂණ තියෙන්නේ බඩඑළිය වතුර වගේ යනවා නම් පාචනය වෙන්න පුළුවන්, බඩඑළිය සමඟ ලේ යනව නම් අතීසාරය වෙන්න පුළුවන්. ටික දවසක් උණ තියනවා බඩ රිදෙනවා වගේ තත්ත්වයක් තිබුණොත් ඒක උණ සන්නිපාතය වෙන්න පුළුවන්. ජල ගැලීම් සිදුවූ ප්‍රදේශවලට මී උණ ඇතිවෙන්නත් පුළුවන්. ඇස් රතු වෙනවා ඇස් කහ පාට වෙනවා, මුත්‍රා තද පාටට යනවා, බඩේ කැක්කුම ඇති වෙනවා, හිසේ කැක්කුම ඇති වෙනවා මෙවැනි තත්ත්වයක් තිබුණොත් රෝහලක් වෙත යන්න. මේ රෝග සියල්ල වළක්වා ගත හැකියි.
උණුකර නිවාගත් ජලය ලබාදෙන්න. පාචනයේ තිබෙනවා නම් ස්වභාවික දියර ආහාරලබා දෙන්න. දෙහි දොඩං නාරං දෙලුම් බැදි හාල් කැඳ වගේ ඒවා. උණ දවස් තුනකට වඩා තිබෙනවා නම් රුධිර පට්ටිකා අපේක්ෂාවක් කරගන්න. විශේෂයෙන් ඩෙංගුත් හිස ඔසවමින් පවතිනවා. ඩෙංගු පවතී කියලා හිතන ස්ථාන සියල්ල නැති කරගන්න නැත්නම් ඩෙංගුත් වසංගතයක් හැටියට එන්න පුළුවන්. සීතල තත්ත්වය වැස්ස එක වෛරස් උණ රෝග ඉහළ ස්වසන මාර්ගයේ වෛරස් රෝග නිව්මෝනිය තත්ත්ව වැඩිවෙන්න පුළුවන්.
වායු දූෂණය නිසා ළමා හතිය වැඩි වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුවක් ආවොත් රාත්‍රියේ කැස්ස ඇතිවුණොත් ළමා හතිය වෙන්න පුළුවන්. ඉන්හේලවලට නෙබුලයි සේෂන් කරන්න බය වෙන්න එපා. ඒවට ඇබ්බැහිවීමක් කොහෙත්ම සිදුවන්නේ නෑ. මේ රෝග සියල්ල වළක්වා ගත හැකියි අපි උපක්‍රමශීලී විය යුතුයි. ඩෙංගු බෝවීම අවම කරන්න නිවෙස් අවට පාසලවට පිරිසිදුව තබාගන්න ඕන. වතුර එක් රැස්වන තැන් නැති කරගන්න ඕනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?