පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක වෘත්තිකයින් අද (13) පෙරුවරු 06.30 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා.
දිවයින පුරා රජයේ රෝහල්වල ක්‍රියාක්මක මෙම වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර කටයුතු සඳහා පැමිණි රෝගීන් පීඩාවට පත් ව සිටියා.
කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු හෙද වෘත්තීය සමිති කිහිපයක් මෙම වැඩ වර්ජනයට එක්ව නැහැ.
මේ අතර රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් යෙදවීමටයි අද දිනයේත් කටයුතු කර තිබුණේ.
වෛද්‍යවරුන්ට රුපියල් තිස්පන්දහසකින් වැඩි කළ ‘ඩැට්’ දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති අවස්ථා කිහිපයකදීම වර්ජන ක්‍රියාමාර්ගයන්ට යොමු වුණා.
ඊට අදාළව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර පසුගිය 06 වැනිදා පැවති සාකච්ඡාවේ දී ඒ් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කම්ටුවක් පත් කිරීමත් සමඟ එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කළා.
කමිටු නියෝජිතයින් සමග ඊයේ (12) පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කළේ අද (13) පෙරවරු 6.30 සිට නැවතත් වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි.
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සභාපතිත්වය දරණ රජය හෙද නිලධාරීන්ගේ සංගමය ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම විශේෂත්වයක්.




