වයස 12 දරුවෙකු සෙල්ලම් කරද්දී මුඛයට වෙඩි වැදී   අසාධ්‍යව රෝහල් ගත කරයි

දොළොස් හැවිරිදි දරුවෙකුගේ මුඛයට බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමකිින් කොස්ලන්ද ප්‍රදේශයේ දරුවා බරපතල තුවාල ලබා ඊයේ (14) රෝහල් ගත කර තිබේ. 21 හැවිරිදි තරුණයෙකු මෙම ක්‍රියාව සිදු කර තිබූ අතර එම තරුණයා දරුවාගේ ඥාතියෙකු බව පැවසේ.

දරුවාගේ මුඛයේ බරපතල තුවාලයක් මේ නිසා ඇති විය. තුවාල ලබා සිටි මෙම පිරිමි දරුවා සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහලට මාරු කර යවා ඇතැයි වාර්තා විය.කොස්ලන්ද කැළිපනාවල ප්‍රදේශයේ ගෙවත්තකදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර සෙල්ලම් කරමින් සිටියදී දරුවා බිය ගැන්වීමට මුඛය වෙත තුවක්කය යොමු කර තිබූ බවත් දරුවා එය බවතට ගන්නට සැරසෙද්දී වෙඩිල්ල පත්තුවූ බවත් තරුණයා පොලිසියට පවසා ඇත.වෙඩි තැබීම සමග දරුවා ලේ පෙරාගෙන බිම වැටී ඇති අතරච ඥාතීන් හා අසල්වාසීන් එක්වී දරුවා රෝහල් ගත කරන්නට කටයුතු යෙදිණි.

මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ බරපතල තත්වය මත දරුවාගේ දිවට හානිවී ඇතැයිද රෝහල් ආරංචි වාර්තා කර තිබේ.සිද්ධිය සම්බන්ධව 21 හැවිරිදි තරුණයාත් වෙඩි තැබීමට යොදා ගත් බෙහෙත් කොටන තුවක්කුවත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?