වයඹ දිග චීනයේ ඇති වූ භූමිකම්පාවෙන් මිය ගිය ගණන තවත් ඉහළට

වයඹ දිග චීනයේ ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයන් 126 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගන්ෂු පළාතට රිච්ටර් මාපකයේ 6.2 ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවිය.එය අසල්වැසි කිංහායි පළාතටද දැනී ඇති අතර මෙහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 700 ඉක්මවීමත් සමග මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව බලධාරීන් විශ්වාසය පළ කර තිබෙනවා

චීන ජනාධිපති ෂී ජින්පින්ග් එම කලාපයට දහස් ගණනක් ගලවා ගැනීමේ කාර්ය මණ්ඩලය යොදවන ලෙසට නියෝග කර ඇති බවද සඳහන්. ගන්ෂු පළාතේ දරුණුතම බලපෑමට ලක් වූ ජිස්හිස්ෂාන් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ ප්‍රදේශයේ ගොඩනැගිලි 5,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි. භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 6.2 ක් ලෙස සටහන් වූ බව චීන බලධාරීන් පවසා ඇති අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් රිච්ටර් පරිමාණයේ 5.9 ක් සහ කිලෝමීටර 10 ක් ගැඹුරකින් සිදුවූ බවට වාර්තා කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?