AFC Banner
Empty Ad
Empty Ad

වඳ කොත්තු, වඳ සැත්කම් නිසා රටේ ජනතාව වන්දි ගෙවනවා – විපක්ෂ නායක

රට හැදීමට සමගි ජන බලවේගයට භාර දෙන ලෙසත් ඒ සඳහා සමගි ජන බල වේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.

සමගි ජන බල වේගයේ ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා. එසේම නැවත ජනපතිවරණයක් අවශ්‍ය බවත් හැමෝටම ජනපතිවරණයක් අවශ්‍ය බවයි විපක්ෂ නායකයවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

” එකතු වෙන්න කැමති අයට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. පුද්ගල ඩීල් මත එකතු නෑ. අපිට තියෙන එකම ඩීල් එක රට දිනවීමයි. මේ ආරම්භය පමණයි. ඉදිරියේදී අපි දිස්ත්‍රික්ක, ප්‍රා දේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් අපි එනවා. රට දාලා යන අයට කියනවා රට දාල යන්න එපා. අපි රට හදමු. අපි තැන දෙන්නේ වැඩකාරයන්ට. දුෂ්ඨ ආන්ඩුව පළවා හරින්න එකතු වෙන්න. රට හදන්න අපිට භාර දෙන්න. අපි හදලා පෙන්වන්නම්.

ජනතාව අනාථ වෙලා ඉන්නේ. ජානතාවට තීන්දු ගන්න වෙයි. අපිට නැවතවරක් ජනපතිවරණයක් ඕන. මේ ආරම්භය පමණයි.

මේ රටේ ජාතිවාදය අවුස්සලා වඳ කොත්තු කතා හදලා, වඳ සැත්කම් කතා හදලා ඇති කරපු ජාතිවාදයේ ප්‍රථිපල අද විදින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේම ජනතාවට පෝලිම්වල ඉදගෙන. මිත්‍රවරුණි, එහෙම වඳ සැත්කම්, වඳ කොත්තු තිබුණා නම් අපි තමයි ඒවාට පළමුවෙන්ම දඬුවම් කරන්නේ. මම ඔබතුමන්ලට කියනවා අපේ රටේ තිබිය යුත්තේ ජාතිවාදය නොවේ ජාතිකත්වයයි.” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?