වඳ කොත්තු, වඳ සැත්කම් නිසා රටේ ජනතාව වන්දි ගෙවනවා – විපක්ෂ නායක

රට හැදීමට සමගි ජන බලවේගයට භාර දෙන ලෙසත් ඒ සඳහා සමගි ජන බල වේගයට හැකියාවක් ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.

සමගි ජන බල වේගයේ ජන රැළිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා. එසේම නැවත ජනපතිවරණයක් අවශ්‍ය බවත් හැමෝටම ජනපතිවරණයක් අවශ්‍ය බවයි විපක්ෂ නායකයවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

” එකතු වෙන්න කැමති අයට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. පුද්ගල ඩීල් මත එකතු නෑ. අපිට තියෙන එකම ඩීල් එක රට දිනවීමයි. මේ ආරම්භය පමණයි. ඉදිරියේදී අපි දිස්ත්‍රික්ක, ප්‍රා දේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් අපි එනවා. රට දාලා යන අයට කියනවා රට දාල යන්න එපා. අපි රට හදමු. අපි තැන දෙන්නේ වැඩකාරයන්ට. දුෂ්ඨ ආන්ඩුව පළවා හරින්න එකතු වෙන්න. රට හදන්න අපිට භාර දෙන්න. අපි හදලා පෙන්වන්නම්.

ජනතාව අනාථ වෙලා ඉන්නේ. ජානතාවට තීන්දු ගන්න වෙයි. අපිට නැවතවරක් ජනපතිවරණයක් ඕන. මේ ආරම්භය පමණයි.

මේ රටේ ජාතිවාදය අවුස්සලා වඳ කොත්තු කතා හදලා, වඳ සැත්කම් කතා හදලා ඇති කරපු ජාතිවාදයේ ප්‍රථිපල අද විදින්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේම ජනතාවට පෝලිම්වල ඉදගෙන. මිත්‍රවරුණි, එහෙම වඳ සැත්කම්, වඳ කොත්තු තිබුණා නම් අපි තමයි ඒවාට පළමුවෙන්ම දඬුවම් කරන්නේ. මම ඔබතුමන්ලට කියනවා අපේ රටේ තිබිය යුත්තේ ජාතිවාදය නොවේ ජාතිකත්වයයි.” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53