වන සත්ව සංගණන විහිළුවට ලක් කිරීම එතරම් යෝග්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
පාර්ලිමේන්තුවේ දී අද (17) අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම සංගණන ක්‍රියාත්මක කිරීමේ නිසි වැඩපිළිවෙල අවිධිමත් ලෙසට ජනතාවට ඉදිරිපත් කිරීම තුළින් ඒවා විහිළුවට ලක්වන බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පවසා සිටියේ.
රටක් ලෙස ඉදිරියට යෑමටනම් දත්ත කේන්ද්‍රීයව තොරතුරු මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදානයකට යා යුතු බව ද ඔහු පැවසුවා.
විහිළුවට ලක්වන ආකාරයට සංගණන රටා නිර්මාණය කිරීම ඒ තරම් සුදුසු නොවන බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1