වන අලි ප්‍රහාරයකින් ගොවි මහතකු ජීවිතක්ෂයට

මිහින්තලේ පොලිස් වසමට අයත් කටුපොත ගම්මානයේ දී අද (19) අලුයම් කාලයේ දී වන අලි ප්‍රහාරයකට ලක් වූ ගොවි මහතකු එම ස්ථානයේ දී ම මියගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි අලුත් පාර මරදන්කල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

වන අලි රංචුවක් අද අලුයම හතරට පමණ කටුපොත ගම්මානයේ ගෙවතුවලට කඩා වැදී ගොවීන්ගේ භවබෝග කා දමමින් සිටි බව ප්‍රදේශවාසීහු කියති. එම අවස්ථාවේ අසල්වාසීන් එකතු වී වන අලින් පළවා හරිමින් සිට ඇත. මිය ගිය පුද්ගලයා ද ඊට එකතු වී විදුලි පන්දමක් දල්වාගෙන එය අතැතිව වන අලින් පළවාහැරීමට සහය දී තිබේ . ඒ අතර සැඟව සිටි වන අලියෙක් දෙදරු පියාට පහර දී ඇත. වන අලියාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබා සිටි දෙදරු පියා එම ස්ථානයේම මරුමුවට පත් වී තිබේ.

මිහින්තලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

ගලෙන්බිඳුණුවැව ඉසුරු කාවින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !