වන අලි පහරදීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

වන අලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මහවිලච්චිය වැව් පිටියේදී සහ තඹුත්තේගම තෙල්හිරියාව යන ප්‍රදේශවලදීයි මෙම වන අලි පහරදීම් සිදුවී ඇත්තේ.

මහවිලච්චිය වැවේ තවත් දෙදෙනෙකු සමග මසුන් ඇල්ලීමට ගොස් නැවත නිවසට යමින් සිටියදී ඊයේ (13) පස්වරුවේ එක් අයෙකු වන අලි පහරදීමට ලක්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ පේමඩුව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ මෘත ශරීරය මහවිලච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර ඊයේ රාත්‍රී තඹුත්තේගම තෙල්හිරියාව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ පහරදීමෙන් මියගොස් ඇත්තේ 54 හැවිරිදි තෙල්හිරියාව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඔහු තම නිවසට යාබද නිවසේ පදිංචි දියණියගේ ඉඩමට පැමිණි වන අලියෙකු එලවා දැමීමට යන අවස්ථාවේ වන අලියා පහරදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරින් පසු තුවාලකරු ත්‍රීරෝද රථයකින් තඹුත්තේගම මූලික රොහලට ‍රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් සිටි බවටයි හෙළිවී ඇත්තේ.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇති අතර තඹුත්තේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මෙම ප්‍රදේශයේ සිදු වූ තුන්වන වන අලි ප්‍රහාර මරණය මීය වන අතර මීට පෙර වනජීවී නිලධාරියෙක් මෙන්ම ගොවියෙකු ද මියගිය බවට ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

තවත් මරණයක් සිදු වීමට පෙර මෙම ගැටලුවට ඉක්මන් විසදුමක් ලබාදෙන ලෙසටයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඇතෙක් ද මේ දිනවල ප්‍රදේශයේ සැරිසරන බවට ඔවුන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08