AFC Banner
Empty Ad
Empty Ad

වන අලියාගේ ගැටුණු වෑන් රිය, වන අලි ප්‍රහාරයෙන් යෝධ ඇලේ – රියදුරා මරුට (ඡායාරූප)

ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19, සෝමියෙල් ප්‍රදේශයේ දී අද (07) මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වූ අනතුරකින් පසු වන අලියා සිදුකළ පහරදීමකින් වෑන් රථයේ රියදුරා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව, පළුගස්දමන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 28ක තරුණයෙක්.

මාර්ගය හරහා මාරු වෙමින් සිටි වන අලියා වෑන් රථයේ ගිටීමෙන් පසු එම සත්වයා වෑන් රථයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එය යෝධ ඇළට පෙරළී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විනෝද චාරිකාවක් ගිය පිරිසක් ඔවුන්ගේ නිවෙස් ඇරලවා රියදුරා ආපසු නිවස වෙත යමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි බකමූණ පොලිසිය පැවසුවේ.

මියගිය රියදුරාගේ මෘත ශරීරය බකමූණ ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරගාරයේ තැන්පත් කර තිබෙනවා.

1 1
1 13
1 15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?