ශ්රී ලංකා දඟ පන්දු යවන ක්රීඩක වනිඳු හසරංග ජූනි මාසයේ ICC ක්රීඩකයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී ඔහු පන්දුවෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් ජුනි මාසයේ ICC ක්රීඩකයාට හිමි සම්මානයට නිර්දේශ වුණා.
වනිදු මෙම තරගාවලිය අවසන් කළේ තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්යාවක් බිද දැමූ පන්දු යවන්නා බවට පත්වෙමින්.
ජුනි මාසයේ ICC ක්රීඩකයාට හිමි සම්මානය සදහා වනිදු හසරංගට අමතරව ඕස්ට්රේලියානු ක්රීඩක ට්රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ක්රීඩක ෂෝන් විලියම්ස්ගේ නම් යෝජනා වී තිබුණා.
