AFC Banner
Empty Ad
Empty Ad

වනිඳුට මිලියනයකට වැඩි දඩයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට රුපියල් ලක්ෂ 11ක දඩයක් පැනවීමට තරග කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

එල්.පී.එල්. තරගාවලියේ ඇඳුම් ආයිත්තම්වලට අදාළ නීතිය කඩ කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල පැනවීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

තරගාවලියට සහභාගීවන සෑම ක්‍රීඩකයෙක්ටම ඒ ඒ කණ්ඩායමවලට අදාළ ඇඳුම් ආයිත්තම් ලබා දී තිබිය දී වනිඳු වෙනත් ලාංඡනායක් සහිත හිස් ආවරණයක් පැළඳ පන්දුවට පහරදීම පැමිණීම හේතුවෙන් ඔහු මෙලෙස තරගාවලියේ ඇඳුම් ආයිත්තම්වලට අදාළ නීතිය කඩකර ඇති බව සඳහන්.

මෙම සිද්ධියත් සමඟ තරග කමිටුව විසින් සියලුම ක්‍රීඩකයින් වෙත දැනුම් දී ඇත්තේ කිසිඳු අයුරකින් තරගාවලිය තුළ තමන්ට අයත් නොවන ඇඳුම් ආයිත්තම්වලින් සැරසී තරග සඳහා ක්‍රීඩා නොකරන ලෙසටයි.

කෙසේ වෙතත් මේ දිනවල සමාජ සහ අනෙකුත් මාධ්‍යවලින් වනිඳු හසරංගට එතරම් යහපත් ප්‍රතිචාර හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
57
+1
0
+1
3
+1
4
+1
17
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?