වනිඳුට මිලියනයකට වැඩි දඩයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ෆැල්කන් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට රුපියල් ලක්ෂ 11ක දඩයක් පැනවීමට තරග කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

එල්.පී.එල්. තරගාවලියේ ඇඳුම් ආයිත්තම්වලට අදාළ නීතිය කඩ කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල පැනවීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

තරගාවලියට සහභාගීවන සෑම ක්‍රීඩකයෙක්ටම ඒ ඒ කණ්ඩායමවලට අදාළ ඇඳුම් ආයිත්තම් ලබා දී තිබිය දී වනිඳු වෙනත් ලාංඡනායක් සහිත හිස් ආවරණයක් පැළඳ පන්දුවට පහරදීම පැමිණීම හේතුවෙන් ඔහු මෙලෙස තරගාවලියේ ඇඳුම් ආයිත්තම්වලට අදාළ නීතිය කඩකර ඇති බව සඳහන්.

මෙම සිද්ධියත් සමඟ තරග කමිටුව විසින් සියලුම ක්‍රීඩකයින් වෙත දැනුම් දී ඇත්තේ කිසිඳු අයුරකින් තරගාවලිය තුළ තමන්ට අයත් නොවන ඇඳුම් ආයිත්තම්වලින් සැරසී තරග සඳහා ක්‍රීඩා නොකරන ලෙසටයි.

කෙසේ වෙතත් මේ දිනවල සමාජ සහ අනෙකුත් මාධ්‍යවලින් වනිඳු හසරංගට එතරම් යහපත් ප්‍රතිචාර හිමිවන්නේ නැහැ.

  1. දඩ මුදල නම් බොහොම අඩුයි ඔය ලොන්තයට ඊට වඩා දඩයක් ගහලා තිබිබ නමි අපිත් සතුටිත්

  2. He is not suitable for captaincy at all. The penalties should be applied for the misbehaviour also on the ground where public could see shouldering instead of shaking hands with the umpires. Selections committee should be headed by some one like Aravinda or Sangakkara and not by Asantha or Upul Tharanga. Game is gone for dogs.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18