AFC Banner
Empty Ad
Empty Ad

වනිඳුට අද තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ඉන්දියාව සමඟ අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා එක්වීම අවිනිශ්චිත බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට අද තරගයට එක්වීම අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.

දෙරට අතර නිමාවූ දෙවන එක්දින තරඟයේ දී පන්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු සිය පන්දුවාර 10 තුල ලකුණු 37කට කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.මේ අතර පන්දුවාර 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර තෙවන ස්ථානයට පැමිණීමට පසුගියදා ඔහුට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?