spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වන්දනාකරුවන් රැගත් රථයක් පෙරළී 10ක් රෝහලට (ඡායාරූප)

වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් නැවත එමින් සිටි පිරිසක් ගමන් ගත් බෝලේරෝ වර්ගයේ කැබ් රථයක් මාර්ගය හරහා පෙරලී යාමෙන් සිදු වූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පානදුර වලාන ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බවටයි අනාවරණ වී ඇත්තේ.

වන්දනාකරුවන් රථය කළුතර දෙසට ගමන් කරමින් සිටියදී රියදුරුට නින්ද යාම හමුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය මැද තිබූ විදුලි කණුවකට ද හානි කරමින් පෙරලී ගොස් තිබෙනවා.

එහි ගමන් කර ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

මෙම අනතුරෙන් කුඩා ළමුන්ට තුන් දෙනෙකු ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?