වන්කඩේ පිටියට ආ මෙසීට තෙන්ඩුල්කාර්ගෙන් ස්වර්ණමය සිහිවටනයක්

ඉන්දියාවේ සංචාරයක නිරතවන ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ඊයේ (14) මුම්බායි නුවර වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියා.

එහිදී මෙසීට රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

මෙම අවස්ථාවේ දී හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ට ලයනල් මෙසීව හමුවීමට අවස්ථාව හිමිවීම ද විශේෂත්වයක්.

මෙම හමුවේ දී සචින් තෙන්ඩුල්කාර් සතුව තිබූ වටිනා සිහිවටනයක් ත්‍යාගයක් ලෙස මෙසීට ලබාදීමට කටයුතු කළා.

එහිදී තෙන්ඩුල්කාර් විසින් 2011 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී පැළඳි අංක 10 ජර්සිය ත්‍යාගයක් ලෙස ලයනල් මෙසීට ලබාදුන්නා.

ක්‍රිකට් පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් ලයනල් මෙසීගේ මුම්බායි සංචාරය “ස්වර්ණමය මොහොතක්” ලෙස මෙහිදී සඳහන් කළ අතර, මෙසීගේ කැපවීම, නිහතමානීකම සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේදී ඔහුගේ භූමිකාව තෙන්ඩුල්කාර් ප්‍රශංසා කළා.

මෙසී සහ මියාමි කණ්ඩායමේ සාමාජිකයින් වන ලුයිස් සුවාරෙස් සහ රොඩ්‍රිගෝ ද පෝල්ගේ මෙම පැමිණීම, වන්කඩේ ක්‍රීඩාංගණයේ ඉතිහාසයට තවත් විශේෂ පරිච්ඡේදයක් එක් කළ අතර, මුම්බායි නගරය විසින් මෙම සුපිරි පාපන්දු ක්‍රීඩකයින්ට ලබාදුන් උණුසුම් පිළිගැනීම ඇගයීමට ද සචිම් මෙහිදී අමතක කළේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
7
+1
0
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?