වතු ආශ්‍රිත පවුල් සඳහා නිවාස ඉදිකර ගැනීමට රජයෙන් මිලියන 05ක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ උපදෙස් අනුව නිවාස හානි වූ පවුල් සඳහා නිවාස ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය විධි විධාන සලසා ඇති නමුත්, එම චක්‍රලේඛ උපදෙස් අනුව වතු ශ්‍රමිකයින්ගේ නිවාසයන්ට සිදු වී ඇති හානි සඳහා සහන සැලසීම පිළිබඳව විශේෂිත විධිවිධාන එම චක්‍රලේඛ මඟින් සැලසී නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එබැවින්, වතු සමාගම් යටතේ පාලනය වන වත්තක සේවයේ නියුතු ශ්‍රමිකයින්ගේ නිවාස දිවා සුළි කුණාටුව සමඟ ඇති වූ ගංවතුර, නායයාම් හා වෙනත් ස්වභාවික ආපදාවන් හේතුවෙන් පූර්ණ හානියට පත් වීම, නායයෑමේ අධි අවදානමට ලක් වීම, අර්ධ ලෙස හානි වී ජීව කාලය අවසන් බව තහවුරු වීම යන අවස්ථාවන්හිදී, ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති මාර්ගෝපදේශ සහ නිවාස සැලසුම් අනුව වර්ග අඩි 650ක නිවසක් ඉදිකිරීම සඳහා අදියරගතව රුපියල් මිලියන 05ක මුදලක් රජය විසින් ලබා දී එවැනි ශ්‍රමිකයින් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

අදාළ ශ්‍රමිකයෙක් සඳහා ඔහු පදිංචි වත්තේ සුරක්ෂිත ස්ථානයකින් පර්වස් 10ක ඉඩම් කොටසක් අදාළ වතු සමාගම විසින් ලබා දීමටත්, වතු ශ්‍රමිකයාගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බවට වතු සමාගම විසින් තීරණය කරනු ලැබ ඇති අවස්ථාවක ශ්‍රමිකයා සතු ඉඩමක හෝ ලබා දෙන රුපියල් මිලියන 05ක මුදලින් ඉඩමක් මිල දී ගෙන හෝ අදාළ නිවස ඉදිකිරීමටත් යෝජිත වැඩසටහන මඟින් පහසුකම් සැලසෙනවා.

ඒ අනුව, එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57