AFC Banner
AFC Banner
Empty Ad

වතුර වළකට වැටී සිඟිත්තෙකු මරුට

අවුරුද්දකුත් සිව්මස් හැවිරිදි දරුවෙකු නිවස අසල තිබූ වතුර වළකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම ඊයේ (08) සිදු ව ඇත්තේ කළුගහකඳුර වැවතැන්න ගම්මානයේ බවයි.

සිඟිත්තාගේ මව, නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට සිඟිත්තාව බලා ගන්නට භාර දී තේ දළු කැඩීමට නිවෙසින් පිටව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දීයි මෙම අනතුර සිදු ව ඇත්තේ.

පසුව වතුර වළට වැටුණු සිඟිත්තාව නිවැසියන් විසින් ගොඩට ගෙන රෝබේරිය රෝහල වෙත ඇතුළත් කළ ද, ඒ වනවිටත් එම දරුවා ජීවිතක්ෂයට පත් ව සිටි බවයි මඩොල්සිම පොලිසිය පැවසුවේ.

දරුවාගේ මරණය සැක කටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව මේ මඩොල්සිම පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?