වතුර වළකට වැටී සිඟිත්තෙකු මරුට

අවුරුද්දකුත් සිව්මස් හැවිරිදි දරුවෙකු නිවස අසල තිබූ වතුර වළකට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම ඊයේ (08) සිදු ව ඇත්තේ කළුගහකඳුර වැවතැන්න ගම්මානයේ බවයි.

සිඟිත්තාගේ මව, නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට සිඟිත්තාව බලා ගන්නට භාර දී තේ දළු කැඩීමට නිවෙසින් පිටව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දීයි මෙම අනතුර සිදු ව ඇත්තේ.

පසුව වතුර වළට වැටුණු සිඟිත්තාව නිවැසියන් විසින් ගොඩට ගෙන රෝබේරිය රෝහල වෙත ඇතුළත් කළ ද, ඒ වනවිටත් එම දරුවා ජීවිතක්ෂයට පත් ව සිටි බවයි මඩොල්සිම පොලිසිය පැවසුවේ.

දරුවාගේ මරණය සැක කටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බව මේ මඩොල්සිම පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16