Empty Ad
AFC Banner
Empty Ad

වත්මන් රජය රාජ්‍ය සේවය දේශපාලනීකරණය කරන බවට චෝදනාවක්

සමගි ජන බලවේගය විසින් රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුක්ත රාජ්‍ය නිලධාරීන් සඳහා පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළි කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අද (26) දිනයේ දී සමගි ජන බලවේගය පවසන්නේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරු, පළාත් පාලන ආයතන ලේකම්වරුන් මෙන් ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැසි මාණ්ඩලික මෙන් ම ක්ෂේත්‍ර නිලධාරීන්ට ද මෙය බලපෑ ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවා යැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටලුසහගත බවයි සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.

තවමත් අවසන් නැති හා නුදුරේම පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා මේ දිනවල පැවැත්වෙන සමූපකාර සංගම් ඡන්ද විමසීම් ද පැවැත්වෙන බවත් එහි සඳහන්.

පෙර නොවූ විරූ අයුරින් රාජ්‍ය සේවය තුළ ශීඝ්‍ර ලෙස දේශපාලනිකරණය වීමක් සිදු වෙමින් පවතින බව ද සමගි ජන බලවේගය පවසනවා.

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිව ම දක්නට ලැබෙන බවයි සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ හේතුවෙන් රජය සහ පළාත් සභා මට්ටමින් අත්තනෝමතික ව සිදුකරන සියලු ම මාරු කිරීම් අත් හිටුවන ලෙසට සමගි ජන බලවේගය විපක්ෂය වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?