වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජන සුරක්ෂිතයි – ජනපති කියයි

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකානු ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ අද (11) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ මේ වන විට ආයෝජන සඳහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, ආයෝජන සම්බන්ධයෙන් පසුගිය රජයයන් යටතේ පැවැති අක්‍රමවත්භාවය වෙනස් කරමින්, වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, නව නීති සකස් කරමින් සිටින බවත් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන බවත්, ඒ වෙනුවෙන් ආ‍යෝජන ආරක්ෂාව තහවුරු කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ පහසුකම් සැපයීම රජය විසින් සිදු කරනු ලබන බවත්, ආයෝජන ආරක්ෂණ පනත ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙරට ආයෝජන පරිසරය ශක්තිමත් කිරීම සඳහා ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කර ජාතික සමගිය ගොඩනැඟීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පාරදෘශ්‍ය අයුරින් පවත්වා ගැනීම සහ ඩිජිටල්කරණය මගින් තාක්ෂණික බාධාවන් ජය ගැනීම යනාදී අරමුණු ළඟා කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකානු නියෝජිත පිරිස හමුවේ පෙන්වා දුන්නා.

Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ (Harlan Crow), ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා සහ M&A ව්‍යාපාර ප්‍රධානී ක්‍රිෂ්ණා බාලම් (Krishna Balam), Hudson Institute සභාපති සාරා ස්ටර්න් (Sarah Stern), Eagle Capital Management නිර්මාතෘ සහ සම-ප්‍රධාන ආයෝජන නිලධාරී රැවෙනල් බී.කරි (Ravenel B. Curry), Billingsley සමාගමෙහි සම නිර්මාතෘ ලුසී බෙලින්ග්ස්ලි (Lucy Bellingsly), SMU Trustee හි ප්‍රජා නායක (Katherine Crow) සහ Hudson Institute සාමාජික වෝල්ටර් රසල් මෙඩ් (Walter Russell Mead) යන අය මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු ද සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?