වත්තල පල්ලියවත්තෙන් අයිස් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේ දී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 48ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (30) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු‍ 23ක් වන පල්ලියවත්ත, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනාවරණය කරගත් තොරතුරු මත වත්තල පොලිස් වසමේ ටෝනි මාවත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 797ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු වයස අවුරුදු‍ 28ක් වන හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?