වගා හානියට ලැබෙන හතළිස් දහස මදි – ඌරුවරිගේ වන්නිල ඇත්තන්

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වගාබිම් සඳහා රජය විසින් අක්කරයකට ලබාදෙන බව කියන රුපියල් හතළිස් දහසක මුදල ප්‍රමාණවත් නොමැති බව දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.

අද (30) දහවල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආදිවාසී නායකයා මේ බව සඳහන් කළා.

එහිදී ආදිවාසී නායකයා සඳහන් කළේ මේ වනවිට කුඹුරු අක්කරයක් සී සෑම සඳහා ද රුපියල් හතළිස් දහසක පමණ මුදලක් අය කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්,

“මේ මෑත කාලයේ මේ රටට වෙච්ච ලොකුම විනාශය තමයි ස්වභාවික විපතක් විදියට මේ පහුගිය දවස්වල ඇද හැලුණු වර්ෂාපතනය ආණ්ඩුවක් හැටියට දැන් ලොකු වගකීමක් තියෙනවා. මේ මිනිස්සුන්ට උදව්කරන එකට, මං මේ නාමල් කරුණාරත්න ඇමතිතුමාට කියන්නේ ඉස්සර සමස්ත ලංකා ගොජන සම්මේලනයේ සභාපති හැටියට හිටියෙත් එතුමා තමයි. ගොඩක් ගොවියන් වෙනුවෙන් කතා කරපු මහත්තයෙක්. ඉතින් එයා දැන් කියනවා මේ වෙලා තියෙන විපතට අක්කරයකට රුපියල් හතළිස් දාහක් දෙනවා කියලා. කරුණාරත්න මහත්තයට මං මේ කියන්නෙ අද දවස වෙනකොට බිම හාන්ඩත් අක්කරේකට හතළිස් දාහකට කිට්ටුව යනවා. එතකොට කඩෙන් ගන්න බෙහෙත්වලට, පිටින් හොයාගන්න බිත්තර වී වලට තවත් සෑහෙන මුදලක් යනවා. වී බුසලක් රුපියල් හාරදාහක් පන්දහසක් වෙනවා. එතකොට අක්කරේකට හතළිස් දාහක් ලැබුනම කොහොමද ඒ ගොවියා ඒ වැඩ ටික කරගන්නේ එයාට ඒ මුදල ප්‍රමාණවත් ද, මේක ඇත්තටම අසාධාරණයක්. මේ වෙලා තියෙන විපතින් ගොවියන් බේරගන්නවා නම් තව ටිකක් කල්පනා කරනවනම් හොඳයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු.."වැටිලා තියෙන්නේ දැන් රස්සාවත් එපා වෙනවා"
04:54
Video thumbnail
ගොවියා එනවා මහ පාරට - ගෝ හෝම්
16:21