රාජ්‍ය සේවය ගෞරවාන්විත, අදූෂිත තැනක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
එමෙන්ම ජනතා විරෝධී ලෙස ක්‍රියාකරන රාජ්‍ය සේවකයින්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට නොපැකිලෙන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
රාජ්‍ය සේවයට අලුතින් බඳවාගත් පිරිසකට පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ වැඩසටහනකට අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.
එමෙන්ම වංචාව, දූෂණය හා අසාධාරණය රටපුරා අතිශය පැතිරී තිබූ පසුබිමක තම රජයට බලයට පත් වූ බවත්, මින් ඉදිරියට කිසිඳු සේවාවක ආසාධාරණකම්, වංචා සහ දූෂණ සිදුවිය නොහැකි බවයි ඇය මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1





