කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (26) සිදුවූ රිය අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී මාර්ගයේ පෙරලී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ අවුරුදු 14ක පිරිමි ළමයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
ජීවිතක්ෂයට පත් වූ දරුවා කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




