ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් යළි අනතුරු අගවයි

ඔමික්‍රොන් නව කොරෝනා වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

නව ප්‍රභේදය ලෝකයේ වැඩි වශයෙන් පැතිර යන බවත්, යුරෝපා රටවලට එමගින් එල්ල වී ඇති බලපෑම ඉහළ ගොස් ඇති බවටයි, එම සංවිධානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මීට පෙර හදුනා ගත් කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයට වඩා පැතිර යාමේ වේගය වැඩි බවට හඳුනාගෙන තිබෙනවා. එබැවින් ලොව සියළු රටවල් ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය පිළිබදව අවදානයෙන් සිටිය යුතු බවට ද, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?