ලෝක ශූර එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන්ම ඉවත් වීමට පසුගිය ලෝක කුසලානයේ ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට සිදු වුණා.

ඒ ඔවුන් ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය පරාජයට පත්වීමත් සමගයි.

මෙවර තරගාවලියේ එංගලන්ත කණ්ඩායම ලැබූ 6 වන පරාජය ලෙසටයි ඊයේ තරග පරාජය සැලකෙන්නේ.

ඊයේ අහමදාබාද්හි පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 33ක ජයක් හිමිවුණා. මේ අනුව එංගලන්ත කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සහභාගී වීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

අහමදාබාද්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස් කළා.

Cameron Green ලකුණු 47ක් සහ Steven Smith ලකුණු 44ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Chris Woakes කඩුලු 4ක් බිඳහෙලුවා. Mark Wood සහ Adil Rashid කඩුලු දෙක බැගින් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 287ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැන’ීමට හැකිවූයේ ලකුණු 253ක් පමණයි.

මොයින් අලි 42යි. බෙන් ස්ටොක්ස් ලකුණු 64ක් සහ ඩේවිඩ් මාලන් ලකුණු 50ක් රැස් කළා. පන්දු යැවීමේදී ඇඩම් සම්පා කඩුලු 3ක් දවා ගත්තා. මිචෙල් ස්ටක් ජොෂ් හසල්වුඩ් සහ පැට් කමින්ස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?