ලෝක විවාහක රූ රැජිණ තරගාවලියෙන් ලංකාවට 04 වන තැන

ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා එම තරගයෙන් සිව් වන ස්ථානය දිනාගෙන තිබෙනවා.

2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේදී ඊයේ පැවැති අතර එහි පළමු ස්ථානය දිනා ගැනීමට ඇමරිකාවේ ශයිලින් ෆෝඩ් සමත් වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා අවසන් 6 දෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ තිබෙනවා.

රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය කරමින් තරඟකාරියන් එක්ව සිටියා.

මෙම තරගයේදී ඇය තමන්ට හිමි ස්ථානය ගැන සඳහන් කරමින් පුෂ්පිකා ද සිල්වා ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා.මම, ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේ පැවැත්වූ ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ දී, ලෝකයේ රටවල් රැසක රූ රැජිණියන් අතරින් අවසන් හයදෙනාගේ වටය තෙක් ඉදිරියට පැමිණ, “හතරවෙනි ස්ථානය” ලබාගන්නට සමත් වුනෙමි. තරගය ජයග්‍රහණය කළ පලමු දෙවන තෙවන ස්ථානය ලබා ගත් විවාහක රූ රැජිණියන්ට මගේ සුභාශිංසන එක් කරමි. මගේ රට වෙනුවෙන් මේ ස්ථානය ලබාගන්නට හැකිවීම ගැන මම ඉතාමත් සතුටට පත්වන අතර දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා මම එය ඉතාමත්ම සතුටින් භාරගනිමි.එමෙන්ම මම ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායක මණ්ඩලයටත්, ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ ඇතුළු මගේ කණ්ඩායමටත්, ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් නගරවල පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුලුව, මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කළ, මට ධෛර්යය ශක්තිය ලබාදුන් මගේ ආදරණීය දෙමව්පියන්, මගේ සහෝදර සහෝදරියන් හිතවතුන් ඇතුලු, මගේ රටේ ආදරණීය ජනතාවටත්, මේ අවස්ථාවේදී හදවතින්ම ස්තූතිවන්ත වෙමි.– පුෂ්පිකා ද සිල්වාශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ 2021

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
134
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43


?